තෙල්බැම්ම
අපේ සුසුම් මුසුවූ සොදුරුතම හෝරාවක මතකයන් එක්ක ඇවිත් යන්න එන්න තෙල් බැම්මට........
අපේ සුසුම්
මුසුවූ
තෙල් බැම්මට
ඔබත් එන්න
අවසරයි
Monday, April 21, 2014
රොබරෝසියා
රොබරෝසියා හෙවනේ ඉදන්
ඔබ කී කතා හුළගේ ගිහින්
හිනා වෙන හැම මලක් ගානෙම
මං ආදරේ කීවත් ඉතින්
හසරැලි අරන් එන පෙම්වතුන්
කඳුලැලි දරන් යන පෙම්වතුන්
මට කියා දෙනවද කඳුලක් තරම්
සීතලම දෙයක් තව තියෙනවනම්
ඔබ හමු උනත් නොසිතූ ලෙසින්
තව අතක පැටලී ආදරෙන්
මට නොදී ගිය තව කඳුළු ඇතිනම්
එපා දෙන්නට ඔහුට නම්.....
Home
Subscribe to:
Posts (Atom)