අපේ සුසුම් මුසුවූ තෙල් බැම්මට ඔබත් එන්න අවසරයි

Monday, April 21, 2014

රොබරෝසියා


රොබරෝසියා හෙවනේ ඉදන්


ඔබ කී කතා හුළගේ ගිහින්


හිනා වෙන හැම මලක් ගානෙම


මං ආදරේ කීවත් ඉතින්



හසරැලි අරන් එන පෙම්වතුන්


කඳුලැලි දරන් යන පෙම්වතුන්


මට කියා දෙනවද කඳුලක් තරම්


සීතලම දෙයක් තව තියෙනවනම්



ඔබ හමු උනත් නොසිතූ ලෙසින්

තව අතක පැටලී ආදරෙන්

මට නොදී ගිය තව කඳුළු ඇතිනම්

එපා දෙන්නට ඔහුට නම්.....

No comments:

Post a Comment